හෝමාගම උසාවිය අසළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු ගල් රෝලකට යට වීමෙන් මියගොස් තිබේ.
ඊයේ රාත්‍රී සිදුවු එම අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.
තිරිංග අක්‍රීය වීම හේතුවෙන් ගල් රෝල රෝල් වී ඇති අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනා ඊට යට වී ඇති බව සඳහන්ය.
අනතුරෙන් මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූවන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment