මෛත්‍රීගේ වේදිකාවට මහ රෑ වෙඩි

වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණයේදී අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ඊයේ මැදියම් රෑ කිසියම් පිරිසක් වෙඩි තබා තිබේ.

එම ස්ථානයේ තිබී හිස් කොපු 15ත් 20ත් අතර සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.


ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පැවසේ.


වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් විසින් වේදිකාවට හා අහසට වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය කීවේය.


මේ අතර රාජකාරීයට යොදා සිටි පොලිස් නිලධාරින් ‍ෙම් සම්බන්ධයෙන් පියවරක් නොගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment