දින 10ක ධීවර වර්ජනය අවසන්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත ධීවරයින් දින 10ක කාලයක් ක්‍රියාත්මක කර තිබු වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 16 වැනිදා සිට ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.


වර්ජනය සඳහා රාමේෂ්වරම්, නාගපට්ටනම්, කරෙයිකාල්, පදුකොට්ටෙයි යන ප්‍රදේශවල ධීවරයින් 3500ක පමණ පිරිසක් එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


කෙසේ වෙතත් දෙරටේ බලධාරීන් විසින් අත්අඩංගුවේ පසුවන ධීවරයින් පිරිසක් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් වර්ජනය අවසන් කිරීමට එම ධීවරයින් තීරණය කර තිබේ.


ඒ අනුව ඊයේ දිනයේ සිට ඔවුන් යළිත් ධීවර කටයුතු ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment