මගී ප්‍රවාහන නෞකාවක ගින්නක් - බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

ඉතාලියේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට පත්වී තිබේ.

මගීන් 411 දෙනෙකු රැගත් අදාළ යාත්‍රාවේ හදිසියේ ඇති වු ගින්නක් හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ග්‍රීසියේ සිට ඉතාලියේ ඇන්කෝනා ප්‍රදේශය වෙත යාත්‍රා කරමින් සිටියදී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.


ඉතාලි සහ ග්‍රීක බලධාරීන් එක්ව අනතුරට පත් පිරිස බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.


ඒ අනුව පුද්ගලයින් 150 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර ප්‍ර දේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතු වලට බාධා සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment