කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට දෙන ආධාර මුදල වැඩිකරන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින පවුල් වල ජනතාවට වියළි ආහාර ලබා දීම සඳහා වෙන් කර ඇති ආධාර මුදල ඉහළ නංවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

රජය විසින් ඒ සඳහා සතියකට එක් පවුලකට දෙනු ලබන රුපියල් 805ක වියලි සලාක ආධාර මුදල රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


විපතට පත්ව සහන කඳවුරු වල රැදී සිටින ජනතාවට අවශ්‍ය ප්‍රධාන ආහාර වර්ග අඛණ්ඩව සැපයීමට අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


මීට අමතරව එම ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සහ ඔවුන්ට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම පළ කර ඇත.



Post a Comment