අයහපත් කාලගුණයෙන් 23ක් මරුට - 8ක් අතුරුදහන්

පවතින අයහපත් කාලගු‍‍ණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එසේම තවත් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදහන් වී ඇති බවද අද(28) දහවල් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.


තවද ආපදාවට ලක්වු මුළු පවුල් සංඛ්‍යාව දෙලක්ෂ අසු එක් දහස් හයක් වන බවත්, දස ලක්ෂ දහසය දහස් තුන්සීය අසුපහක පුද්ගලයින් සිටින බවත්, ඒ මහතා එහිදී අනාවරණ කර සිටියේය‍


පුර්ණ වශයෙන් නිවාස හාර දහස් පන්සිය හැත්තෑ එකක් හානියට පත්වී ඇති බවත්, දාහතර දහස් පන්සිය එකොලහක් අර්ධ වශයෙන් හනියට පත් වූ නිවාස ඇති බවත්, අදාළ ප්‍රමාණය ඉදිරියේදී වැඩි විය හැකි බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.



Post a Comment