ඉන්දියාවේ සිට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 142ක් සමඟ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ගංජා තොගය සමඟ අද අලුයම වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු පැමිණි බවට සැලකෙන බෝට්ටුවක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ද පේදුරුතුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

Post a Comment