සහකාර පොලිස් ‍ අධිකාරීන් 3ට ස්ථාන මාරු

සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පානදුර, බදුල්ල සහ ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරුන් මෙලෙස ස්ථාන මාරු කර ඇති බවයි.


ඒ අනුව පානදුර කොට්ඨාසය බාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී පී.එම්.කේ.ඩී.පලිස්කාර මහතා බදුල්ල පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ.


බදුල්ල පොලිස් කොට්ඨාසයේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ඒ.ඩී.ප්‍රේමතිලක මහතා පොලිස් වෛද්‍ය සේවා අංශයට මාරුකර ඇති ඇත.


ත්‍රීකුණාමලය කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරී ඒ.එම්.යු.ඒ.අතපත්තු මහතා කන්තලේ, සේරුනුවර කොට්ඨාසය වෙත මාරු කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


මේ අතර 2015 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිදුකෙරෙයි.



Post a Comment