දැනට 34යි - 10ක් බරපතළයි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි 34ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

බරපතළ පැමිණිලි 10ක් ඒ අතර වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.


ගම්පහ, මහනුවර, කුරුණෑගල, කළුතර, පුත්තලම සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් එම මැතිවරණ පැමිණිලි ලැබී ඇති බව එම කාර්යාලය පැවසුවේය.


වෙඩි තැබීම්, තර්ජනය කිරීම් සහ දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබේ.


මේ අතර මැතිවරණයට අදාළ සුළු පැමිණිලි 24ක් ලැබී ඇති අතර ඉන් 04ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


රජයේ දේපළ අයථා පරිහරණය, රජයේ නිලධාරින් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම, ස්ථාන මාරුවීම් ලබාදීම සහ නීති විරෝධි පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment