එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම් අස්වර් මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා සමස්ත ලංකා මහජන කොංග්රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්රී අමීර් අලී මහතා පත් කිරීමට එම පක්ෂයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ.එච්.එම් අස්වර් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වු අතර එම මන්ත්රී ධුරය සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයට ලබාදීමට තීරණය වී තිබුණි.
කෙසේ වුව ද ඒ පිළිබඳ අවසන් තීරණය අද ප්රකාශයට පත් කළ අතර එම පක්ෂයේ ලේකම් වයි .එල්.එස් හමීඩ් මහතා පැවසුවේ ලබන සතියේ අමීර් අලී මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි .
කෙසේ වුව ද ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය මැතිවරණයේදී සහය පලකරන පක්ෂය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නැත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත්රී ඒ.එච්.එම්. අස්වර් මහතා පසුගිය (28) සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්විය.
Post a Comment