“කොළ කෑල්ලක්වත් අතේ නැතිව මම ඒ විවාදෙට එනවා. ඇවිත් ප‍්‍රජාතන්තවාදය හා යහපාලනය කියන්නේ මෙකක්ද කියලා කියා දෙන්නම්. ලබන ජනවාරි පළමු දා මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න“ යැයි පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (17) රාත‍්‍රී 07.30* වඳුරඹ දි පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
“ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවානම් මේ වේදිකාව ට ගිනිතියයිද?. අද තියෙන්නේ ප‍්‍රචණඩත්වයයි. අපි හදන හැම වේදිකාවක්ම ගිනිතියන්න. ඒ ගිනිතියන සැම එක වේදීකාවකින්ම අපිට ඡන්දය ලක්‍ෂයක් වැඩි වෙනවා. යහපාලනයයක් රටේ තියෙනවානම් මෙ විදියට වේදිකාවක් ගිනිතියයිද. මෙවා කරන්නේ තිරිසන් අයයි. මෙවා ජනතාව පිළිකුලෙන් තමයි බලන්නේ. මේ නායකයාගේ උපදේස් වලට තමයි කරන්නේ. එහෙම කියලා යහපාලනය ගැන කතා කරනවා.
මේ දවස්වල අරලියගහ මන්දිරයේ මගේ රුපයක් හදලා ඒක තෙලේ දලා බඳිනවාලූ. කාමරයක් ඇතුළේ මගේ රුපයකට කටු ගහලා මතුරනවාලූ. මේවා කරලද මේ දිනන්න හදන්නේ“යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment