ඩෙන්මාර්කයේ රැකියා පෙන්වා මුදල් ගරන කත අත්අඩංගුවේ

බලපත්‍ර රහිතව විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය සිදුකළ වැටලීමක දී ජාඇළ, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එම කාන්තාව විසින් ඩෙන්මාර්කයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට සිදුකළ මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සතුව තිබී ගමන් බලපත්‍ර 42 ක් බැංකු ගිණුම් පොත් 20 ක් සහ විදෙස් රැකියා සඳහා අවශ්‍ය ලිපිගොනු රැසක් සොයා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.



Post a Comment