කොරියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ.
චොයියං සහ චියොන්ජි නමැති නෞකා දෙක මෙලෙස පැමිණ ඇති බව සඳහන්ය.
මෙරට නාවුක හමුදාව විසින් එම නෞකාවල පැමිණි පිරිස් ගෞරව සහිතව පිළිගෙන ඇත.
එම නෞකා දෙක බාරව කටයුතු කරන රියඅද්මිරාල් චුන් ජුන් සෝ මෙරට නාවුක හමුදාපති රියඅද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අතර හමුවක් අද පස්වරුවේ නාවුක හමුදා මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
කොළඹ වරායට සේන්දු වු චොයියං නෞකාවේ පුද්ගලයින් 227දෙනෙකුට ගමත් කළ හැකි අතර චියොන්ජි නෞකාවේ පුද්ගලයින් 134 දෙනෙකුට ගමන් කළ හැකි බව සඳහන්ය.
Post a Comment