දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක මහතා පවසන්නේ මෙම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන්හි මගීන් සංඛ්‍යාව අධික වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ලබන 14 වැනිදා සිට රාත්‍රී දුම්රියක් කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනයට එක් කිරීමට නියමිතය.
රාත්‍රී 10.00 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය පසුදින උදෑසන 6.55ට යාපනයට ළඟා වනු ඇත.
එදින රාත්‍රී 8.40ට යාපනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පසුදින උදෑසන 5.30ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිත බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක මහතා සඳහන් කළේය.
ඒ අනුව දින දෙකකට වරක් මෙම නව රාත්‍රී දුම්රිය ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පැවසුවේය.
කෙසේ වෙතත් ඉදිරියේ දී දිනපතා ධාවනය සඳහා මෙම දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
මේ වන විට කොළඹ කොටුවේ සිට යාපනයට දුම්රිය වාර 4ක් ද යාපනයේ සිට කොළඹ කොටුවට දුම්රිය වාර 4ක් ද දිනපතා ධාවනය වන බව සඳහන්ය.

Post a Comment