අක්මීමන, මානවිල ප්‍රදේශවේ දැව කොටයකට යට වී පුද්ගලයෙකු මියගොස් තිබේ.
කපන ලද ඇට්ටෝනියා ගසක කොටසක් පුද්ගලයින් හය දෙනෙකු විසින් සිය කර මතින් රැගෙන යමින් සිටින අවස්ථාවේදී අදාළ අනතුරු සිදුවී තිබේ.
අදාළ පුද්ගලයින් හය දෙනා විසින් දැව කොටස බිටම දැමීමට යෑමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ සිරුර මතට එය වැටී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්ය.
අවුරුදු විසි නවයක පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.
අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Post a Comment