ශ්‍රී ලංකාව අදත් පරාදයි - ඉන්දියාව තරඟාවලිය දිනයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයත් ජය ගනිමින් තරඟාවලිය 3ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අද පැවැති තෙවැනි තරඟයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 48.2දී සියලු දෙනා දැවී ලකුණු 242ක් ලබා ගන්නා ලදී.


මහේල ජයවර්ධන ලබාගත් ලකුණු 118ත් තිලකරත්න දිල්ෂාන් ලබාගත් ලකුණු 53 හැරුණු විට සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබානොදුණි.


ඒ අනූව ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 44.1දී කඩුලු 4ක් දැවී ජය වාර්තා කළ අතර සිකර් දවාන් ලකුණු 91ක්ද, විරාට් කෝලි ලකුණු 53ක්ද ලබා ගනිමින් ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් වැඩිදායකත්වයක් ලබාදෙන ලදී.


මෙම තරඟාවලියේ පළමු තරඟ දෙකද ඉන්දීය කණ්ඩායම විසින් ජය ගත්තේය.



Post a Comment