කොස්ලන්ද, මීරියබැද්දේ සිදුවූ නායයාමෙන් පස්වලට යට වූ පුද්ගලයින් සොයා ආරම්භ කළ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබේ.
අදාළ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම මෙහෙයුම් නතර කළ බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය කියයි.
පසුගියදා සිදුවූ නායයාමෙන් පසු මේවන විට පුද්ගල මළ සිරුරු දහයකට වැඩි ගණනක් සොයා ගැනීමට එහි මෙහෙයුම්වල නිරත ව සිටි හමුදාවට හැකිවි තිබේ.

Post a Comment