ලොරියේ ගැටී යතුරුපැදිකරු මරුදකියි

යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

ඊයේ (09) සවස දංකොටුව - මැටිකොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.


අනතුරින් මිය ගොස් ඇත්තේ කොච්චිකඩේ - දළුවාකොටුව පදිංචිව සිටි මොහොමඩ් රියාස් මොහොමඩ් කුමාර් (අවු:32) නම් අයෙකි.


ප්‍රධාන මාර්ගයේ ධාවනය වී ඇති ලොරිය මැටිකොටුව ප්‍රදේශයේදී අතුරු මාර්ගයකට හරවන විට එම අතුරු මාර්ගයේ සිට පැමිණ ඇති යතුරු පැදිය ලොරියේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය කියයි.


අනතුරින් තුවාල ලබා සිටි යතුරු පැදිකරු එම අවස්ථාවේදීම දංකොටුව දිසා රෝහලට ඇතුළත් කළද ඔහු මිය ගොස් සිට ඇති බව සඳහන්ය.


අනතුරට සම්බන්ධ ලොරිය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


දංකොටුව පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment