ගිලන් රථය පදිකයාට මරුවා කැඳවයි

උහන, ගොනාගොල්ල ප්‍රදේශයේ දී ගිලන් රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් තිබේ.

ගොනාගොල්ල ග්‍රාමීය රෝහලට අයත් ගිලන් රථය ඊයේ රාත්‍රී 8.30ට පමණ අම්පාර දෙස සිට රෝහල වෙත පැමිණෙන අතර වාරයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයා ගැටී ඇති බව වාර්තා වෙයි.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ගිලන් රථයෙන්ම ගොනාගොල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 52 හැවිරිදි ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අනතුර සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment