පොලිස් වෙස්ගත් අයෙක් අතේ මාට්ටු

වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා බවට ව්‍යාජ අන්දමින් පෙනී සිටි පුද්ගලයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටි අදාළ පුද්ගලයා විසින් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දී රියදුරන් පිරිසකට තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.


සැකකරු සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment