දෙන්නාගෙම යට ඇඳුම් 8ක ලක්ෂ 590ක රන් බිස්කට්

රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා රන් කිලෝ 11යි ග්‍රෑම් 800ක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ වත්තල පදිංචි යුවළක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් රන් බිස්කට් 118ක් ගෙනැවිත් ඇත්තේ යට ඇඳුම්වල සඟවාය.


රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි පවසන පරිදි කාන්තාවගේ යට ඇඳුම් 4කින් රන් කැබලි 48ක්ද, පිරිමියාගේ යට ඇඳුම් 4ක රන් කැබලි 70ක්ද තිබී සොයාගෙන ඇත.


අද පස්වරු 4.20ට පමණ මොවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ තිබේ.


දෙදෙනා වයස අවුරුදු 35 හ 46 වයස්වල පසුවන බව අය බව පැවසේ.



Post a Comment