විමර්ශනයට සහය දෙන අයට බලපෑම් එපා-අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතින්ගේ විමර්ශනය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයින්ට බලපෑම් කිරිමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අමෙරිකානු තානාපති කීත් හාපර් ප්‍රකාශ කර ඇත්තේ එවැනි පුද්ගලයින් නිහඬ කිරීමට දරන උත්සහයන් එක්සත් ජාතින්ගේ සංවිධානයට සිදුකරන තර්ජනයක් බව ශ්‍රී ලංකාව අවබෝධ කරගත යුතු බවයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීයෙන් සිදුකරන ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශනය මෙරට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


එම විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ද රජය අවසර දී නැත.


මේ අතර එකමුතු භාවය ඇති කරගැනිම සඳහා විවිධත්වයට ගරු කරමින් ශ්‍රී ලාංකිකයින් එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා පවසයි.


උඩරට ප්‍රදේශයේ සිදුකළ දින තුනක සංචාරය නිමා කරමින් අදහස් දක්වන රැන්කින් මහතාපෙන්වා දි ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික වාර්ගික සහ භාෂා වෙනස්කම් පවතින බවයි.


එම වෙනස්කම් වල වටිනාකම් හඳුනාගනිමින් සියළු ප්‍රජාවන් අතර ඒවා හුවාමාරු කරගැනිම තුළින් ස්ථාවර හා සෞභාග්‍යමත් රටක් ගොඩනැංවීමට හැකිවනු ඇති බව රැන්කින් මහතා ප්‍රකාශ කර ඇත.


ජෝන් රැන්කින් මහතා එම සංචාරය තුළ දි අස්ගිරි, මල්වතු මහනාහිමිවරුන් ද බැහැ දැක අදහස් හුවමාරුකරගෙන තිබුණි.



Post a Comment