විවාහ වෙන්න සිටි තරුණිය ඝාතනය කර එල්ලලා

හංවැල්ල, කඩුගොඩ (දකුණ වග)ප්‍රදේශයේ දි 18 හැවිරිදි තරුණියක ඝාතනය කර තිබේ.

අදාළ තරුණියට මුගුරකින් පහරදී පසුව එල්ල තබා ඇති බව හංවැල්ල පොලිසිය සඳහන් කරයි.


ඇල්ලකන්ද වැලිකන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තමා විවාහ වීමට සිටි තරුණිය ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට ඊයේ රාත්‍රීයේ හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව සිදුකළ විමර්ශනයේ දි අනාවරණය වි ඇත්තේ අදාළ පුද්ගලයා විසින්ම ඝාතනය සිදුකර ඇති බවයි.


සැකකරු 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද (07)අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.


මේ අතර පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි කාන්තාවක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.



Post a Comment