සිසුන්ට තව සති දෙකයි දෙන්නේ

මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් සිසුන් ඉදිරි සති දෙක අවසන් වීමට පෙර එම හැදුනුම්පත් ලබාගැනිමට කටයුතු කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තෙම්න්තුව පෙන්වා දෙන්නේ තවත් සිසුන් 50,000ක් පමණ ජාතික හැදුනුම්පත් ලබාගතයුතුව ඇති බවයි.


හැදුනුම්පත් ලබාගැනීම සදහා ඉදිරිපත් ව ඇති අයදුම්පත් තුන්දහසක් පමණ විවිධ අඩුපාඩුකම් පවතින බැවින් නිවැරදි කිරීම් සඳහා නැවත යොමු කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම මේ වන විට අවසන් කළ යුතු වුව ද මෙතෙක් ඒ සඳහා ඉල්ලුම් නොකළ පාසල් පවතින බවයි.



Post a Comment