පොලීසියෙත් හොරා පොලිස්!

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ලිපි ලේඛන සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මට්ටක්කුලිය, පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.


මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යය ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ලිපි ලේඛන සොරාගෙන ගොස් ඒවා පුළුස්සා ඇති බවට අදාළ කොස්තාපල්වරුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.


අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි හතර වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.



Post a Comment