ජනාධිපතිරයාගේ ලේකම්වරයෙකු සහ අමාත්‍ය තිස්ස විතාරණ මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් විදුලිබල මණ්ඩලයේ රියදුරු හා ලිපිකරු තනතුරක් සඳහා රැකියාවක් ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 04ක මුදලක් වංචා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන්තුරෙයි, දෙහිවල සහ පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment