ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් එල්.ටී.ටී.ඊ තහනම ඉවත්කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද අභියාචනයේදී ඊට එරෙහිව ශ්‍රි ලංකා රජය විසින් ක්‍රියා කළ යුතුව තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය දිනෙක එකී තහනම ඉවත් කරන විටත් ශ්‍රී ලංකාව ඊට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වෘත්තීය සංගම් නියෝජිතයින් අමතමිනි.
යුරෝපා සංගම් අධිකරණය විසින් මෙම එල්.ටී.ටී.ඊ තහනමට අදාළව කරුණු දැක්වීමට ශ්‍රී ලංකාවට මාස 3ක කාලයක් ලබාදුන් බවත්, එයද නොසලකා හැරීමට කටයුතු කර තිබීමෙන් ද්‍රවිඩ ඩයස්පෝරාව සමග සහයෝගයෙන් ක්‍රියා කරන්නේ කවුද යන්න පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්නා බවට තමාට එරෙහිව මඩ ප්‍රචාර ගෙනයන නමුත් සැබෑ සම්බන්ධය මේවන විට පැහැදිලි වන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2005 වසර පැවති මැතිවරණයේදී තමාව පරාජය කිරීමට ද්‍රවිඩ ඩයස් පෝරාවට මුදල් ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එසේ වුවද යුරෝපා සංගමයේ විදේශ කටයුතු ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ප්රමුඛ නියෝජිත ෆෙඩ්රිකා මොග්හෙරිනි මැතිනියට ලිපියක් යොමුකරමින් ‘යුරෝපා කවුන්සිලය මෙහිදී කාර්ය පටිපාටිමය වැරදි නිවරදි කිරීමට පියවර ගත යුතු බව‘දන්වා තමා ලිපියක් යොමු කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා එකී ලිපිය සභාගත කරමින් පෙන්වාදුන්නේය.
Post a Comment