එම පක්ෂයේ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් නිකුත් කළ එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මහින්දගේ ජය වෙනුවෙන් පාඨලී, දිනේෂ්, විමල් එකම වේදිකාවකට යන සිරස්තලය යටතේ පළ වූ මාධ්‍ය වාර්තාවන් දැක අප විමතියට පත් වුණෙමු. එම ප්‍රවෘත්තියේම ජාතික සංවිධාන එකමුතුවෙන් ඉහත ඇමතිවරු තිදෙනා එක පෙරමුණකට ගැනීමේ උත්සාහයක් දැරෙන බවද ප්‍රකාශ කර ඇත.
12වන දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට කටයුතු යොදා ඇති ‘‘රට ආපස්සට හරවන පරගැති මෙහෙයුම් පරදවමු“ වූ රැළියක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා සහභාගිවන්නැයි ජාතික සංවිධාන එකමුතුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පෞද්ගලිකවම ආරාධනා කර ඇති බවද එම පුවත්පත්වල දක්වා තිබේ.
මෙය පැහැදිලිවම සාවද්‍ය පුවතකි. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එවැනි කිසිදු පෞද්ගලික ආරාධනාවක් සිදුකර නොමැත. තවද දුරකථනයෙන් හෝ හමුවී හෝ ආරාධනා කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක පෙරමුණක් ගොඩනඟමු යැයි ජාතික සංවිධාන එකමුතුව කිසිම අවස්ථාවක අප පක්ෂය සමග හෝ පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර නොමැත.
මේ පිළිබඳව ලිඛිත ආරාධනයක් ෆැක්ස් මගින් පසුගිය 10 වනදා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණද මෙවැනි යෝජනාවලියක් හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එය පවත්වන බවට එහි කිසිදු තැනක සඳහන්ව නොතිබුණු බවද ජාතික සංවිධාන එකමුතුවේ කිසිදු නියෝජිතයෙකු අප පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු හමුනොවූ බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු.
මෙවැනි කටයුක්තක් සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු මූලීක ක්‍රියා පටිපාටිය හා ආචාර්යධර්ම අනුමනය නොකර කටයුතු කිරීම පිළිබඳවත් මෙය සංවිධානය කරන ජාතික සංවිධාන එකමුතුවේ වගකිව යුත්තන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳවත් අපගේ කනස්සල්ල පළ කර සිටිමු. තවද 12 වන දින ජාතික සංවිධාන එකමුතුව මගින් පවත්වන රැළියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි නොවන අතර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නම මෙම රැළියේ ප්රචාරක කටයුතු සඳහා අවභාවිතයේ යෙදවීම පිළිබඳව අපගේ නොසතුට පළකර සිටින අතර රට වෙනුවෙන් ගන්නා තීරණ සුදුසු පරිදි ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි ගැනීමට අප පක්ෂයට ප්‍රඥාව හා කශේරුකාවක් ඇති බව ද ඒ සඳහා මාර්ගෝපදේශයන් අවශ්‍ය නොවන බව ද අප ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
Post a Comment