බුදු දහමට අපහාස එපා කී මිනිසා පොරොන්දුපිට ගසෙන් බසී

බුදු දහමට අපහාස වන අයුරින් සිදු කරන ක්‍රියා නතර කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ ගසකට නැගී විරෝධතාවයේ නිරත වු පුද්ගලයා එම විරෝධතාව නතර කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද හිමි විසින් සිදුකළ පොරොන්දුවකට අනුව එම පුද්ගලයා ගසෙන් බැස විරෝධතාව නතර කිරීමට පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


බුදුරුව වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිත කරමින් පුවත්පත්, දින දර්ශන, වෙසක් සුභ පැතුම්පත් ආදිය මුද්‍රණය කිරීම නතර කරන ලෙස ඉල්ලා ඔහු ඊයේ මෙම විරෝධතාවයේ නිරත වුණි.


මහනුවර වැව රවුම මාර්ගයේ පිහිටි අඩි 50 ක් පමණ උස ගසකට නැගී එම පුද්ගලයා විරෝධතාවයේ නිරත විය.


මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.



Post a Comment