බස් රථ-මෝටර් රථ ගැටුමෙන් රියදුරු මරුට

මාරවිල - කොස්වාඩිය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් මෝටර් රථයේ රියදුරු මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය කියයි.

ඊයේ(03) රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.


අනතුරින් මිය ගොස් ඇත්තේ මීගමුව - පෙරියමුල්ල පදිංචිව සිටි කුරුකුලසූරිය බාලප්පුවඩුගේ ජෝෂප් ශිරෝන් මෙන්ඩිස් (අවු:50) නම් වූ අයෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථය කොළඹ සිට යාපනනය දක්වා ගමන් කරමින් තිබී ඇති අතර මෝටර් රථය හලාවත දෙස සිට මීගමුව දෙසට ගමන් කරමින් තිබී ඇත.


අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කළද අද (04) වැනිදා අළුයම 12.10 ට පමණ ඔහු මිය ගොස් තිබේ.


අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවයා මාරවිල පොලීසියට බාර වී ඇත.


මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment