බිරිඳටත් නැන්දම්මාටත් පිහියෙන් ඇනලා - සැකකරුත් රෝහලේ

තම බිරිඳට සහ නැන්දම්මාට පිහියෙන් ඇන තුවාල සිදු කර පළාගොස් රෝහල් ගත වී සිටි බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඉකුත් 01 වැනිදා සවස 4.00 ට පමණ පල්ලම පොලිස් වසමේ වතුපොල ප්‍රදේශයේදී මෙම පිහියෙන් ඇනීම සිදුකර තිබේ.


සිද්ධියෙන් තුවාල ලැබූ මව (අවු:55) සහ දියණිය(අවු:32) හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


තම ස්වාමි පුරුෂයා බීමතින් පැමිණ දබර කිරීම හේතුවෙන් බිරිඳ විසින් ඔහුව හැර දමා දරුවන් දෙදෙනාද සමග තම මවගේ නිවසට පැමිණ සිට තිබේ.


බිරිඳ සොයා පැමිණ ඇති සැකකාර සැමියා ඇය ආපසු කැදවාගෙන යාමට උත්සහ කළත් ඇය ඊට කැමැත්ත පළ කර නැති බැවින් එම අවස්ථාවේදී සඟවාගෙන සිටි උල් ආයුධයකින් සැකකරු තම බිරිඳට පහර දී ඇති බව පොලීසිය කියයි.


මෙම අවස්ථාවේදී සැකකරුට ඔහුගේ නැන්දම්මා විසින් ගලකින් පහර දී ඇති අතර ඒ සමගම සැකකරු තම නැන්දම්මාටද පිහියෙන් පහර දී තුවාල සිදු කර ඇත.


තුවාල ලැබූ මව සහ දියණිය හලාවත මහා රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර සැකකරුද තම නැන්දම්මා ගලකින් පහර දුන් බව පවසමින් හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත.


රෝහල් ගත වී සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment