දෙරටේ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගතයුතුයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්ත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

දෙරට අතර ඉතිහාසමය වශයෙන් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද ඉතා කිට්ටු දීර්ඝ සබඳතාවක් පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.


ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.


එහිදී තවදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය දිමු.ජයරත්න මහතා කියා සිටියේ අඟහරු ග්‍රහයා වෙත සාර්ථකව රොකට්ටුවක් යැවීමෙන් ඉන්දියාව මේ වන විට සිය වික්‍රමයන් මුළු ලෝකයටම පෙන්වා ඇති බවයි.



Post a Comment