ලෝකයේම අවධානය මහින්ද චින්තනයටයි

ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනයන් මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල පවා මහින්ද චින්තනය අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඉදිකර ඇති සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විදෙස් රාජ්‍ය, ලෝක බැංකුව හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදල කුමන උපදෙස් ලබාදුන්න ද ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවී අපේම ආර්ථික ක්‍රමයක් සකසා ගත යුතු බවයි.



Post a Comment