ගිරාඳුරුකෝට්ටේ මිල්ලැත්තාව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් ගමන් කළ කැබ් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රි 9.55ට පමණ ඔවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.
මිල්ලැත්තාව ගම්මානයට වන අලි ගම්වැදි ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව නිලධාරින් කණ්ඩායමක් පොලිස් කැබ් රථයෙන් එම ප්‍රදේශයට ගමන් කරමින් සිටින අතරතුර දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ කැබ් රථයේ ගමන් කළ පොලිස් නිලධාරින් අහසට වෙඩි තබා දිවි බේරාගෙන තිබේ.
වන අලි ප්‍රහාරයෙන් කිසිදු පොලිස් නිලධාරියෙකු තුවාල ලබා නොමැති අතර කැබ් රථයට දැඩි අලාහානි සිදුව ඇත.

Post a Comment