ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වර ඡන්දයකට ඉදිරිපත් වීම සඳහා පවතිනන නීතිමය තත්ත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (10) දිනයේ ලබාදීමට නියමිතව තිබේ.
18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තෙවන වර ඡන්දයකට ඉදිරිපත්වීමට බාධාවක් පවතින්නේ දැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේය.
පසුගිය බදාදා දිනයේදී ජනාධිපතිවරයා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටි අතර අද දින හෝ ඊට ප්‍රථම අධිකරණයේ මතය තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඊට අදාළ ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයාගේ උපදෙස් පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන්ට දැනුම් දුන්නා.
ඊට අදාළව මේ වන විට ලිඛිත සාක්ෂි 40කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ දී අගවිනිසුරු මොහාන් පිරීස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ කරුණු සලකා බලා අද දිනයේ සිය මතය ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.

Post a Comment