පොලිස් සැරයන්ට ප්‍රහාරයක්

අකුරැස්ස, නාවල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් පොලිස් සැරයන්වරයෙකුට පහර දී තිබේ.

නාවල ප්‍රදේශයේ පැවති සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමක සංවිධාන කටයුතු සඳහා එම ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ඔහු එම ප්‍රහාරයට ලක්ව ඇත.


පහරදීම සිදුවන අවස්ථාවේ සැරයන්වරයා සිවිල් ඇදුමින් සැරසී සිට ඇති බව පොලිසිය පැවසුවේය.


පහරකෑමට ලක්ව ඇත්තේ අකුරුස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කර ඇත.



Post a Comment