දෙන්නාගේම පස්ස පැත්තේ රත්තරන්

රුපියල් ලක්ෂ 75ක් වටිනා රත්තරන් බිස්කට් 15ක් ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42ක හා 49 වයස්වල පසුවන වත්තල හා කොළඹ 12 පදිංචිකරුවන් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.


අද අළුයම 2.05ට පමණ ඊ.කේ 349 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි මොවුන්ගේ ගුවන් ගමන් විස්තරය ගැන ඇති වු සැකයක් මත කළ විමර්ශනයේදී මෙම රන් බිස්කට් සොයාගැනීමට හැකිවී ඇත.


එක අයෙකු ළඟ රන් බිස්කට් 3 ක්ද අනෙකා ළඟ රන් බිස්කට් 12 ක්ද තිබු බව රේගුව කියයි.



Post a Comment