බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් සභාව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.
අදාළ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එම තීරණය දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියා කලාපය පිළිබඳ කලකිරී මෙම පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එච්.කේ.අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.පද්මසිරි ද සිල්වා, වයඹ පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.එම්.රත්නායක යන මහත්වරුන් ඒ අතර වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී භික්ෂු සංවිධානයේ මහ ලේකම් ස්වාමීන් වහන්සේ ඇතුළු එහි සාමාජික හිමිවරුන් පිරිසක් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සහය පළ කර තිබේ.

Post a Comment