නායකත්ව පුහුණුවෙන් සරසවි සිසුවියක් ආබාධයට ලක්වෙලා

සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරී හමුදා පුහුණුවෙන් තවත් සිසුවියක අබාධයට ලක්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කඳවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක පුහුණුව අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, V.K.D.R කෞෂ්‍යල්‍යා විජිතලාල් වන ඇය අඩි 7ක තාප්පයකින් පැනීමට ගොස් වැටි කොන්ද වැදී කොන්දේ ආධයකට ලක්ව ඇති බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික නිවේදනය කරයි.


මෙම සරසවි සිසුවියගේ පළමු කෂේරුකාවේ අස්ථි බිදීමක් සිදු වී ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇතැයි එකී නිවේදනයේ දැක්වෙයි.


තවද මෙවර සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරි හමුදා පුහුණුවේදී මහනුවර ගන්නෝරුව හමුදා කඳවුරේදී සරසවි සිසුවියකට හමුදා සෙබලෙකු විසින් ලිංගික අතවර කර තිබු බවත්, එම සිදුවීම ආණ්ඩුව විසින් යට පත් කරන ලද බවත් සඳහන්ය.


සරසවි සිසුන්ට ලබා දෙන බලහත්කාරි හමුදා පුහුණුව සරසවි සිසුන්ගේ, ආචාර්‍යවරුන්ගේ හා දෙමාපියන්ගේ විරෝධය මැද ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත සරසවි සිසුන්ගේ ජීවිත වලට කිසිදු වගකීමක් නොගෙන පවත්වාගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වාදෙයි.


මේ වන විට මෙම හමුදා පුහුණුවෙන් සිසුන් දෙදෙනෙකුගේ ජීවිතද බිලිගෙන තිබෙන තත්ත්වයක් තුළ , ලිංගික අතවර වීම් ,ආබාධයන්ට ලක්වීම් විශාල ප‍්‍රමාණයක් වී තිබියදීත් මෙය සිදු කරගෙන යන්නේ ඔවුන්ට අවශ්‍ය හමුදා ඔත්තු කරුවන් සරසවි තුළට ඇතුළත් කර ගැනීම ඇතුළු ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් මත බව නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Post a Comment