ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්සත් ජාතීන්ට වාර්තාවක්

ශ්‍රී ලාංකික නීති විරෝධී සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් වදහිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් වී තිබේ.

මානව හිමිකම් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.


ශ්‍රී ලාංකික නීති විරෝධී සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය කිසිදු යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.


වදහිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටු රැස්වීම මේ දිනවල ජිනීවාහි දී පැවැත්වෙයි.



Post a Comment