නොරොච්චෝලේ යකඩ බටවලට විද්ද 3ක් අත්අඩංගුවේ

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් සොරකම් කරන ලද බවට සැක කෙරෙන යකඩ බට තොගයක් ලොරියකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරක්කල්ලිය, පුත්තලම සහ පලාවිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය.


යකඩ බට තොගය ලබාගත්තේ කුමන ස්ථානයකින් ද යන්න තහවුරු කිරීමට සැකකරුවන් සතුව කිසිදු නීතිමය ලියවිල්ලක් නොතිබූ බව අප වාර්තාකරු පැවසීය.


අදාළ යකඩ බට තොගයේ වටිනාකම තක්සේරු කිරීමෙන් පසුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment