මන්ත්‍රීන් සියලුදෙනා උසාවි කැඳවයි

ඇඹිලිපිටිය නගර සභාවේ උප සභාපතිවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් පිරිස අද (10) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ව තිබේ.

ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් අතරතුර සිදුවු බව කියන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලකට අනුව අද දිනයේ අදාළ මන්ත්‍රීවරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.


ඒ තමන්ට අයත් වැටක්, ගේට්ටුවක් සහ කාණුව කඩා දැමූ බවට කිසියම් පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනූව බව වාර්තා වෙයි.


ඒ අනුව ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප මත මුදා හැර ඇති අතර නඩු විභාගය දෙසැම්බර් 15 වැනි දිනට කල් තබා තිබේ.


අද දිනයේ උප සභාපතිවරයා ඊට සහභාගි වී නොමැති බව වාර්තා වේ.



Post a Comment