ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා සඳහන් කළේ ඊයේ සිදුවු අදාළ දුරකථන සාකච්ඡාවේ දී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි.
මෙරට අධිකරණයක් මගින් මරණීය දඬුවම නියම වූ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ.
මේ අතර ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායක සුබනියන් ස්වාමි පවසන්නේ ඉන්දීය අගමැතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් අතර පැවැති දුරකථන සංවාදයේදී මරණ දඬුවම නියම ව සිටින ඉන්දීය ධීවරයින් 5 දෙනා එරට බන්ධනාගාරයකට මාරුකර යැවීම ගැන දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකුට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළ අතර ඊට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත රජය විරෝධතා දැක්වූ අතර මොවුන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට ද ඔවුන් බලපෑම් කරන ලදී.
මේ අතර ඉන්දු ශ්‍රී ලංකා නායකයින් අතර හමුවක් මෙම මස අග දී නේපාලයේ දී සිදුවිමට නියමිතය.
18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මන්දු නුවර දී මෙම මස 26 සහ 27 යන දින වලදි පැවැත්වෙයි.
ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කලාපීය රටවල රාජ්‍ය නායකයින් සහභාගි වනු ඇති බව වාර්තා වේ.

Post a Comment