ගුරු හා සිසු පරිගණක සාක්ෂරතාව ගැන හෙට සමීක්ෂණයක්

පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

හෙට දිනයේ දී මෙම සමීක්ෂණය සිදුකරන බව එම අමාත්‍යංශය පැවසුවේය.


දිවයිනේ පාසල් සිසුන් සහ ගුරුවරුන් කාණ්ඩ කොට ඔවුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ මෙම සමීක්ෂණය සිදු කෙරෙන බව සඳහන්ය.


පාසල් සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේය.


ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණයක් 2006 වසරේදී සිදුකර ඇතිබව එම අමාත්‍යංශය කියයි.


පාසල් වල පරිගණක පහසුකම් පිළිබඳ සංගණනයක් ද මීට සමගාමීව සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේය.



Post a Comment