සංගා ලෝකයෙන්ම දෙවැනියා වෙයි

එක්දින තරඟවලදී ලොව වැඩිම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් කිහිප දෙනා අතරින් දෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද සමත් විය.

ඒ ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේදී ඔහු ලබාගත් අර්ධ ශතකයත් සමගිනි.


සංගක්කාර අද තරඟයේදී ලකුණු 61ක් ලබා ගත් අතර ඒ සමග එය ඔහුගේ 87 වැනි අර්ධ ශතකය බවට පත් විය.


වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් සමගින් පළමු ස්ථානය ගෙන සිටින්නේ සචීන් ටෙන්ඩුල්කාර්ය.


ඔහු ලබාගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 96කි.


ශ්‍රී ලංකා ඉන්දියා දෙවන එක්දින තරඟය ඉන්දියාවේ අහ්මදාබාද් හි මේවන විට පැවැත්වෙයි.



Post a Comment