ටී.එන්.ඒ. සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක්

නැගෙනහිර පළාත් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉතා කඩිනමින් අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක සෆීක් රාජාබ්දීන් මහතා සඳහන් කළේය.


එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ද සහය ඇතිවය.


කෙසේ වෙතත් ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බව රජාබ්දින් මහතා සඳහන් කළේය


නැගෙනහිර පළාත් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආරාධනා කර තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇති බව සෆීක් රාජාබ්දීන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Post a Comment