මාලක සිල්වා අද හඳුනාගැනීමේ පෙරට්ටුවට

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අද(04) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


බ්‍රිතාන්‍ය යුවළක් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පසුගිය සෙනසුරාදා මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුණි.


එම ගැටුමේ දී මාලක සිල්වා ද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.


අදාළ ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මාලක සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.



Post a Comment