ජනාධිපතිවරණය වෙනුවෙන් ආණමඩුව ආසනයේ ස්ථාපනය කරන ලද මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
ආණමඩුව නගරයේ පැවති මෙම උත්සවයේදී තවදුරටත් කතා කළ අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙසේද පැවසීය.
“මංගල සමරවීර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අමුතු තැනක් නෙමෙයි.ඒ එතුමාගෙ මහ ගෙදර.අපිත් ඉඳලා හිටලා හිතේ අමාරුවක් ආපුවහ අල්ලපු ගෙදරට යනවා.නමුත් හවස් වන විට ආපහු මහ ගෙදරට එනවා.ඒක සාමාන්‍යය දෙයක්. මේ වෙලාවෙ මංගල සමරවීර මහත්තයා අරගන්න සුදානම් වෙන තීන්දුව ඉතාමත්ම හොඳ එකක්.එතුමා දන්නවා දැන් ඉන්න තැන ඉඳලා රටට වැඩක් කරන්නත් බෑ. එතුමට වැඩක් වෙන්නෙත් නෑ කියලා.ඒ නිසා මම කියනවා පරණ දේවල් අමතක කරන්න.එන්න අපේ මහ ගෙදරට.අපි සුදානම් තමුන්නාන්සේ බර ගන්න.බාර ගන්නේ නිකම්ම නිකම් නොවෙයි.වගකීමක් බාර දීලා.ඒ වෙනුවෙන් මම මගේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය පරිත්‍යාග කරන්න මම සුදානම්.මොකද අපි අපේ රට වෙනුවෙන් ජීවිතය වුණත් කැප කරන්න සුදානම් නිසා.”

Post a Comment