කළුතරට හෙට පැය 12ක් වතුර කපයි

කළුතර දිස්ත්‍රික්ක‍යේ ප්‍රදේශ කිහිපයකට හෙට (11) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ හෙට පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.


ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වස්කඩුව, වාද්දුව, බේරුවල, අලුත්ගම, පයාගල, දර්ගා නගරය, බෝම්ඹුවල සහ පිලමිනාවත්ත යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


එම ප්‍රදේශයේ විදුලිය සැපයීම විසන්ධි වීම හේතුවෙන් එම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.



Post a Comment