තම බාල වයස්කාර දැරිය අතහැර දමා අනියම් සබඳතා පැවැත්වු බවට චෝදනා ලැබ සිටින මව සහ පියා එම දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා හමුවේ සිද්ධියට අදාළ නඩුව අද (11) විභාගයට ගැනිණ.
එහිදී තමන්ට තවදුරටත් වෙනත් අය සමග අනියම් සබඳතා පවත්වාගෙන යාමට අවශ්‍ය බවට අදාළ දැරියගේ මව සහ පියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව දැරිය ඇයගේ මිත්තණියට බාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දැරියගේ අධ්‍යාපන කටයුතු සහ වෙනත් අවශ්‍යතා සඳහා සෑම මසකම රුපියල් 8000 බැගින් මිත්තණියට ලබාදෙන ලෙස මවට සහ පියාට නියෝග කර ඇති බව සඳහන්ය.
එම මුදල නොගෙවන්නේනම් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
මව්පිය රැකවරණය අහිමි වු 14 හැවිරිදි එම දැරිය මේ වන තෙක් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටියේය.
Post a Comment